පුහුණු අත්පොත්

සමාජ ප්‍රාග්ධන තක්සේරුව (SCA) – පුහුණු අත්පොත

යම් නිශ්චිත භූගෝලීය සීමාවක් තුළ වෙසෙන ප්‍රජාවන් ගැටුම් පවතින කාලවලදී ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට සමාජ ප්‍රාග්ධන තක්සේරුව (SCA) තුලින් උත්සාහ ගෙන ඇති අතර එකී ප්‍රදේශවල නැවත එවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා විශ්වාසය, ජාලකරණය සහ සම්බන්ධතා ශක්තිමත් කර ගත හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමට උත්සාහ කර ඇත. පර්යේෂකයන්ට අනාගතයේදි භාවිතා කිරීම සඳහා සාමාජීය වටිනාකම් පිළිබඳ තක්සේරුවක් සිදුකරන්නේ මන්ද සහ එය සිදුකරන්නේ කෙසේද යන්න මෙම පුහුණු අත්පොතෙහි පැහැදිලි කර ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව, ගැටුම් විශ්ලේෂණය සහ ව්‍යාපාර ව්‍යවසායකත්වය පිළිබඳ පුහුණුකරුවන් සඳහා වූ අත්පොත

ප්‍රතිලාභීන් පුහුණු කිරීමේදී අභ්‍යන්තරව හා එක් එක් කණ්ඩායම් අතර සාකච්ඡාවලට සම්බන්ධ වීමට පෙර, ව්‍යාපෘති හවුල්කරුවන්ට මඟ පෙන්වීමක් ලෙස සහාය වීම මෙම පුහුණු අත්පොත තුලින් අපේක්ෂා කෙරේ. පුහුණුකරුවන්ට සහාය වීම සඳහා අත්පොත අතරමැදි ක්ෂේත්‍ර තුනක් යටතේ සංවිධානය කර ඇත. ව්‍යාපාර ව්‍යවසායකත්වය, ගැටුම් විශ්ලේෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව එම ක්ෂේත්‍ර තුනයි.