පර්යේෂණ

ව්‍යාපාරික වාතාවරණය පිළිබඳ දර්ශකය (BEB) සහ ගැටුමේ ආර්ථික පිරිවැය පිළිබඳ සමීක්ෂණය

නැගෙනහිර පළාත තුළ ප්‍රජා මට්ටමේ ආර්ථික ආයතන, සමාජ-ආර්ථික සම්මතයන් සහ ව්‍යාපාරික සබඳතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 දෙසැම්බර් මාසයේදී ව්‍යාපාරික වාතාවරණය පිළිබඳ දර්ශකය (BEB) සහ ගැටුමේ ආර්ථික පිරිවැය පිළිබඳ සමීක්ෂණය සිදුකරන ලදී. පාස්කු ප්‍රහාරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ඔවුන්ගේ විධිමත් හා අවිධිමත් සමාජ වටිනාකම් වලට බලපෑ ආකාරය ද අධ්‍යයනය මගින් ඇගයුමට ලක් කර ඇත

නැගෙනහිර පළාතේ විධිමත් හා අවිධිමත් ආර්ථික කටයුතු පිළිබඳ සිතියම්කරණ වාර්තාව

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් (CEPA) 2019 වසරේ දී විධිමත් හා අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම්හි ගුණාත්මක හා ප්‍රමාණාත්මක අගයන් පිළිබඳ සිතියම් ගත කිරීමක් නැගෙනහිර පළාත තුළ සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ පරමාර්ථය වූයේ අන්තර් කණ්ඩායම් සහයෝගීතාව දිරිමත් කරවන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර මට්ටමින් පවතින විධිමත් හා අවිධිමත් කර්මාන්ත වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සහ P2P ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කර්මාන්ත කවරේ ද යන්න හඳුනා ගැනීමයි. එබැවින්, පර්යේෂණය පහත සඳහන් ප්‍රධාන අංශ ආවරණය කර ඇත.

  • ව්‍යාපාරය හා අදාළ තොරතුරු
  • ව්‍යාපාරය ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ පුළුල් කිරීම
  • ව්‍යාපාරය සඳහා මූල්‍යකරණය
  • අලෙවිකරණය
  • අන්තර් ප්‍රජා සහභාගීත්වය
  • සාමූහික සහභාගිත්වය
කොවිඩ්-19 වසංගතය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු

ව්‍යාපෘතියට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් කොවිඩ් -19 වසංගතය තුළ මුහුණ දුන් ගැටලු අවබෝධ කර ගැනීම සඳහා ආසියා පදනම සහ හවුල්කාර සංවිධාන විසින් 2020 දී මාර්ගගත සමීක්ෂණයක් සිදුකරන ලදී.

සහභාගිකයන්ට ඔන්ලයින් වේදිකා වෙත ප්‍රවේශ තිබෙන හැකියාව

වසංගතය පවතින කාලය අතරතුර සහභාගිවන්නට සමාජ මාධ්‍ය ජාලයන්ට ප්‍රවේශවීමේ ඇති ඉඩපහසුකම් පිළිබඳ තක්සේරු කිරීම සඳහා 2020 මැයි මාස ආසියා පදනම තම ව්‍යාපෘති හවුල්කරුවන් සමඟ එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්කයන්හි ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් සිදු කරන ලදි. මූලික අන්තර්ජාල පහසුකම් සදහා ප්‍රවේශ වීමට ඇති ඉඩපහසුකම්, සමාජ මාධ්‍ය ජාල භාවිතය, අන්තර්ජාල පහසුකම් හා අදාළ සාමාන්‍ය වියදම් සහ අන්තර් ජාලය ඔස්සේ අන් අය සමඟ සන්නිවේදනය කිරීමට ඇති ඉඩපහසුකම් පිළිබඳව අධ්‍යයනය සඳහා මෙහිදි අවධානය යොමු කරන ලදි.

සමාජ ප්‍රාග්ධන තක්සේරුව (SCA)

2020 ජනවාරි මාසයේ දි ආසියා පදනම විසින් භූගෝලීය සීමාවක් තුළ ජීවත් වන පුද්ගලයින් අතර විශ්වසනීයත්වයේ මට්ටම, පද්ධතීන් හි ගුණාත්මකභාවය සහ සබඳතාවල ශක්තිමත්භාවය අවබෝධ කර ගැනීම සඳහා සමාජීය වටිනාකම් පිළිබඳ තක්සේරුවක් සිදු කරන ලදී.

සේයාරූ රචනය – ආර්ථිකයෙහි නිරත වීම තුළින් අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙන් කථාන්තර

INSPIRED ව්‍යාපෘති ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රතිඵල මගින් විකාශය, සාර්ථකත්වයන් සහ උගත් පාඩම් ග්‍රහණය කරගනු පිණිස මෙම ඡායාරූප රචනය අබ්දුල් හලීක් අසීස් විසින් සකස් කරන ලදී.