අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදනය දීර්ඝ කාලයක සිට නැගෙනහිර පළාතේ මෙම ප්‍රෙද්ශයේ සාම්ප්‍රදායික කර්මාන්තයක්ව පැවතී ඇත. කෙසේවෙතත්, පසුගිය දශක කිහිපය තුළ ලාභයට නිපදවන ලද ඇඟලුම් පැමිණීමත් සමඟ මෙම කර්මාන්තය නැත්තටම නැතිවී යන මට්ටමට පත්විය.“ මට මතකයි මම පුංචි කාලෙ තාත්තයි අම්මයි රෙදි වියන හැටි බලං ඉන්නවා,” රිසානා කල්පනාබරව පවසන්නීය,“ ඒක අපේ පවුලෙ පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආව දෙයක්”.අන්තිමේදී ඇගේ දෙමාපියන් වැඩ කිරීමට නොහැකි තරමට වියපත් වූ විට ව්‍යාපාරය නවතා ඔවුන්ගේ අත් යන්ත්‍ර විකුණා දමන ලදී.
ජීවිතය ඈ වෙත දමා ගසන ලද අභියෝග ජය ගැනීමට අසීමිත ශක්තිය සොයා ගැනීමට සිදුවූ අධිෂ්ඨානශීලී තැනැත්තියක් රිසානාගේ ලජ්ජාශීලී ලීලාව පසුපස සැඟව සිටී.වසර දහතුනකට පෙර ඇගේ සැමියා ඈව අත්හැර දමා ගිය විට දරු දෙදෙනකු සමඟ ඔවුනට යැපීමට මගක් නොමැතිව ඈ තනි වූවාය. ඈ දැන සිටි එකම කර්මාන්තය අත් යන්ත්‍ර රෙදි විවීම වූ අතර එයද බලා සිටීමෙන් දැන ගත් දේ පමණක් විය. “පුංචි කාලෙ දැකපු මතකය විතරයි මට තිබුණෙ, මමම කවදාවත් මුකුත් වියලා තිබුණෙ නැහැ, ඒක කරනවා දැකලා තිබුණා විතරයි”.
මෙයින් බියක් සැකක් ඇති කර නොගත් ඇය කුලියට ගත් රෙදි වියන අත් යන්ත්‍රයක් යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය නිර්භීත ලෙස ආරම්භ කළාය.මුලදී ඇයට යන්ත්‍රය කුලියට දුන් තැනැත්තා යටතේ වැඩ කිරීමට සිදු වූ අතර ඈ වියූ දේ වෙනුවෙන් ඈට ලැබුණේ සොච්චම් කොමිස් මුදලක් පමණි.ඉන්ස්පයර්ඩ් වැඩසටහනට සහභාගි වී රුපියල් ලක්ෂ දෙකක මූලික ආයෝජන ප්‍රදානයක් ලබා ගැනීමෙන් පසු ඇයට ඇයගේම රෙදි වියන අත් යන්ත්‍රයක් මිළදී ගැනීමට හැකි විය.දැන් ඈ මුළුමනින්ම ස්වාධීනය.
ඇයගේ ව්‍යාපාරික කුසලතා වැඩිදියුණු කරගැනීමටද වැඩසටහන ඇයට උපකාරී විය.“මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නත් වඩාත් සමාජශීලී වෙන්නත් මම ඉගෙන ගත්තා,” ඈ සතුටින් පවසන්නීය.රිසානා අද ප්‍රෙද්ශයේ වැඩිම ඉල්ලුමක් ඇති අත් යන්ත්‍ර රෙදි වියන්නියන් අතරින් එක් අයකු වන්නීය.වැඩසටහන හරහා ඇගේ වෙළඳපොළ පදනම පුළුල් වී ඇත.නිරතුරුවම ඇගේ නිෂ්පාදන මිළට ගන්නා ඇතැමුන් ඈ ඇතිකර ගෙන සිටින දෙමළ හා සිංහල මිතුරන්ය.“අහළ පහළ ගම්වල හුඟක් අය මාව හොයාගෙන එනවා එයාලා වැඩසටහන හරහා මගේ වැඩ ගැන අහලා තියෙන නිසා” ඈ පවසන්නීය.ඇයගේ වැඩිම ඉල්ලුමක් ඇති නිෂ්පාදන සරොම් වන අතර විශේෂයෙන්ම ප්‍රධාන සංස්කෘතික උත්සව වලට පෙර ඒවා බොහෝ විට විකිණී අවසන් වේ.