හේරත් මුදියන්සේලාගේ ප්‍රියදර්ශනී, අඩාලච්චේන, අම්පාර දිස්ත්‍රික්කය

oneimage(1)
හේරත් මුදියන්සේලාගේ ප්‍රියදර්ශනී, අඩාලච්චේන, අම්පාර දිස්ත්‍රික්කය
oneimage(1)
හේරත් මුදියන්සේලාගේ ප්‍රියදර්ශනී, අඩාලච්චේන, අම්පාර දිස්ත්‍රික්කය
oneimage(1)
හේරත් මුදියන්සේලාගේ ප්‍රියදර්ශනී, අඩාලච්චේන, අම්පාර දිස්ත්‍රික්කය
previous arrow
next arrow

ප්‍රියදර්ශනී සහ චමිල මුලින්ම හතු වගාව ගැන දැනගත්තේ ඔවුන්ගේ පුතාගේ යහළුවකුගේ මවගෙනි.නුවරඑළියේ සිටින ඔවුන්ගේ ඥාතියකුද හතු වගාව කළ අතර එය අත්හදා බැලීමට ඔවුන්ව උනන්දු කළේය.“කොහොම හරි අපට හිතුනා ඒක කරලා බලන එක හොඳ අදහසක් කියලා ” යනුවෙන් ප්‍රියදර්ශනී පවසන්නීය.ඇගේ සැමියා ප්‍රෙද්ශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විමසූ අතර එහි නිලධාරීන් තමන්ව බොහෝ සෙයින් දිරි ගන්වන බව ඔවුන්ට පෙනී ගියේය.“එයාලා වහාම අපිව පුහුණු කරන්න ඉදිරිපත් වෙලා වැඩේ පටන් ගන්න ඕනැ මූලික දැනුම අපට ලබා දුන්නා” යි චමිල පවසයි. මෙම යුවල ගැෆ්සෝ (GAFSO ) සහ ඉන්ස්පයර්ඩ් වැඩසටහන සමඟ සම්බන්ධ වන්නේ එයින් මාස තුන හතරකට පසුවය.

ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය නිසි ලෙස හැඩ ගස්වා ගැනීම සම්බන්ධයෙන් වැඩසටහන ඔවුන්ට උපකාර වූ අතර අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ සිදු වූ ඔවුන්ගේ හොඳම නව සොයාගැනීම ඔවුන් සහභාගි වූ වෙළඳ සල්පිලේදී වැඩිදියුණු කර ගැනිණි. “ඒ තමයි අපි අපේ පාරිභෝගිකයන් එක්ක මුහුණට මුහුණ ගනුදෙනෙු කරපු පළවෙනි වතාව” ප්‍රියදර්ශනී කියන්නීය.තම නිෂ්පාදන අලෙවි කළ යුතු හොඳම ආකාරය ගැන සිතීමට මුළු පවුලම එක් වූ අතර ඔවුන් සොයා ගත් විසඳුම අතිදක්ෂ එකක් විය. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩියෙන් අලෙවි කර ගැනීමට ඇති ලොකුම බාධකය හතු ආහාරයට ගත හැකි ආකාරය පිළිබඳව මිනිසුන්ගේ නොදැනුවත්බවය යන්න වටහාගත් ප්‍රියදර්ශනීගේ වෙළඳකුටියෙහි හතු වලින් සැකසූ විවිධ ප්‍රනීත ආහාර විශාල සංඛ්‍යාවක් විකුණනු ලැබිණි. “ඒක හොඳටම සාර්ථක උනා,” ඈ පවසන්නේ ඇගේ කුටිය වෙළඳ සල්පිලේ ප්‍රථම ස්ථානයට හිමි ත්‍යාගය දිනා/ත් බවද ආඩම්බරයෙන් සඳහන් කරමිනි.

සාම්ප්‍රදායිකව හතු ආහාරයට ගනු ලැබුවේ ඒවා ස්වභාවික පරිසරයෙන් නෙලා ගත්තවුන් විසින් පමණක් වූ බැවින් එය ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රෙද්ශ වලින් බැහැර ජනප්‍රිය ආහාරයක් නොවේ. ඔවුනගේ නිවසේදී මිතුරන්ට සංග්‍රහ කිරීමෙන් මේ පිළිබඳව ගම පුරා කටින් කට පැතිරීම හේතුවෙන් මෙම යුවල දිනෙන් දින ශක්තිමත් වන වෙළඳපොළක් නිර්මාණය කරගෙන ඇත. සුළුතර ප්‍රජාවන් ගණනාවකට සමීපයේ ජීවත් වන ඔවුහු සාම්ප්‍රදායික සිංහල ගැමි සිරිතක් ඔවුන්ගේ දෙමළ හා මුස්ලිම් මිතුරන් අතර පැතිර ඇති ආකාරය ගැන සතුටින් මෙසේ පවසති, “ මිනිස්සු හතු ගන්න අපිව හොයාගෙන එන එක අපට ඇත්තටම සතුටක්. හැමවෙලේම එයාලා යද්දි කෑම වට්ටෝරුත් ඉල්ලගෙන යන්නෙ.” මෙම යුවල හතු පරිභෝජනයේ ප්‍රතිලාභ සහ ඒවා ආහාරයට ගත හැකි ක්‍රම පිළිබඳව ඔවුන්ගේ පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට සක්‍රිය ප්‍රවේශයක් ගෙන තිබෙන අතර එය දිගු කාලීන වර්ධනය වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස යොදාගත් උපාය මාර්ගයකි. ස්වාධීන සහ ශක්තිමත් කාන්තා ව්‍යවසායකත්වය