සුබ්‍රමනියම් පුවන්කීතන්, ත්‍රිකුණාමලය

oneimage(1)
සුබ්‍රමනියම් පුවන්කීතන්, ත්‍රිකුණාමලය
oneimage(1)
සුබ්‍රමනියම් පුවන්කීතන්, ත්‍රිකුණාමලය
oneimage(1)
සුබ්‍රමනියම් පුවන්කීතන්, ත්‍රිකුණාමලය
previous arrow
next arrow

පුවන්කීතන්ගේ ඉලක්කයක් ඇතිව වැඩ කිරීම හා අධිෂ්ඨානය වහාම පෙනෙන දෙයකි. ඔහුගේ මෝටර් කාර්මික ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව ඔහු ඉක්මනින් හා පැහැදිලි දැක්මක් ඇතිව කථා කරයි. පාසල් යන අතරම සිය පියාගේ මිතුරකුගෙන් මෙම කර්මාන්තය ඉගෙනගත් ඔහු, පාසලින් ඉවත්වී එය වෘත්තියක් කර ගැනීමට ඉක්මනින්ම තීරණය කළේය.“මට ලොකු ආසාවක් තිබුණ දෙයක් කරන එක වඩා හොඳයි කියලා මම තීරණය කළා,” පවසන ඔහු තමන් පාසලේ හික්මවන පරිසරය නොගැලපුණු තරමක් ඝෝෂාකාරී කොලු ගැටයකුව සිටි බවද සිනා මුසුව සඳහන් කරයි.

සර්වෝදය හරහා පහසුකම් සලසනු ලැබූ වෘත්තීය පුහුණු අදියර තුනකින් ඉක්මන් ප්‍රගතියක් අත්කර ගනිමින් ඔහු තමා තෝරාගත් ක්ෂේත්‍රයට තමන් තුළ දක්ෂ කමක් ඇති බව ඉක්මනින්ම වටහා ගත්තේය.තම අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට ඔහු තුළ උනන්දුවක් තිබුණද එසේ කිරීමට කොළඹට යාමට සිදු වීම එයට බාධකයක්ව පවතී. ඒ වෙනුවට , යම් දිනක අවශ්‍ය පහසුකම් ත්‍රිකුණාමලයට පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු සහගතව සිටී.

ඉන්ස්පයර්ඩ් වැඩසටහන හරහා, දැනටමත් පුවන්කීතන් සතු ව්‍යවසායකත්වයට ව්‍යුහය සහ ඉලක්කගත වීම ලැබී ඇති බව පෙනේ.ඔහු ඉන්ස්පයර්ඩ් වැඩසටහන වෙතින් ලබා ගත් ප්‍රධානම දෙය වන්නේ කළමනාකරණයෙහි සහ සැලසුම් කිරීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයයි.“හරි කළමනාකරණයක් නැතිනම් මොනම ව්‍යාපාරයකින්වත් පලක් නෑ,” ඔහු පවසයි. ඔහුට ලැබුණු මූලික ආයෝජන ප්‍රදානයෙන් ඔහු දැඩිව අවශ්‍යව තිබූ උපකරණ කිහිපයක් මිළට ගත්තේය.එමෙන්ම ආදායම සහ කාර්යක්ෂම බව ඉහළ නංවන මගක් ලෙස එන්ජින් ඔයිල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ නිතර භාවිතා කෙරෙන අමතර කොටස් තොග ගබඩා කර ගැනීමටද ඔහු බලාපොරොත්තු වෙයි.

වැඩසටහන වෙනත් ප්‍රතිලාභද ගෙන ආවේය.සහභාගි වූවන් බොහෝ දෙනෙකු ඔහුගේ පාරිභෝගිකයන් බවට පත්ව ඇත.ඔවුන් අවිධිමත් ජාලද සකස් කරගෙන තිබෙන අතර පුවන්කීතන් බොහෝ විට විවිධ අවශ්‍යතා ඇති තැනැත්තන් එකිනෙකා හා සම්බන්ධ කරයි.උදාහරණයක් ලෙස, ඔහු මෑතකදී අතිරික්ත තිරිඟු තොගයක් තිබූ අයෙකුට ගැනුම් කරුවකු සොයා දීමට වගබලා ගත්තේය. මෙම ජාල, ඉන්ස්පයර්ඩ් වැඩසටහනේ සාරධර්ම වටා එක්සත් වූ නැගෙනහිර වෙරළබඩ බහුවිධ වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් වලට අයත් අවිධිමත් ව්‍යාපාරික ප්‍රජාවක් පෝෂණය කර ඇත.