සීනි මුහමතු හබිලා සහ සයියතු අලි මුහමතු රවුෆ්, තඹලගමුව, ත්‍රිකුණාමලය

oneimage(1)
සීනි මුහමතු හබිලා සහ සයියතු අලි මුහමතු රවුෆ්, තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
සීනි මුහමතු හබිලා සහ සයියතු අලි මුහමතු රවුෆ්, තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
සීනි මුහමතු හබිලා සහ සයියතු අලි මුහමතු රවුෆ්, තඹලගමුව, ත්‍රිකුණාමලය
previous arrow
next arrow

හබිලාට ඉන්ස්පයර්ඩ් ව්‍යාපෘතියෙහි පුහුණුවකට සහභාගි වීමට අවශ්‍ය වූ ඕනෑම වෙලාවක “මම ඔක්කොම වැඩ දාලා යනවා”, ඇය සිහි කරන්නීය. සහභාගි වීමට ඇයව පෙළඹවූ ඇගේ අසල්වැසියන් වන ජබරුල්ලා සහ ප්‍රියදර්ශිනී සමඟම හබිලාටද වැඩසටහන තුළ සම මට්ටමේ සහායක ප්‍රජාවක් හමු විය.“මගේ ජීවිතේ පළවෙනි වතාවට කලින් වැඩිය ආශ්‍රය කරලා තිබුණෙ නැති වෙන ජාති වල අය එක්ක ලොකු බැඳීම් ඇති කර ගන්න මට අවස්ථාවක් ලැබුණා,” යනුවෙන් ඇය පවසන්නේ නැවතත් එම මිත්‍රත්වයේ හැඟීම ඇයට අත්විඳීමට පමණක්වත් වැඩසටහන දිගටම ක්‍රියාත්මක වන්නේ නම් ඈ ඉතා කැමති බවද සඳහන් කරමිනි.

හබිලා සහ ඇගේ සැමියා වන අලි පසුව භාරගත් කුකුළු මස් කඩය ඔවුන්ගේ පුතා අරඹන විට එය ඔවුන්ගේ නිවෙස ඉදිරිපිට කුඩා ඉඩෙහි සෙවිලි තහඩු වලින් ඇටවූ ඉතා කුඩා මඩුවක් විය.ඉන්ස්පයර්ඩ් වෙතින් මූලික ආයෝජන ප්‍රදානය ලබා ගැනීමෙන් පසු සම්පූර්ණ කඩයක් ගඩොලින් හා සිමෙන්ති බදාමයෙන් තනා ගැනීමට පවුලට හැකි වූ අතර ඔවුන් එය විශාල ජයග්‍රහණයක් ලෙස සිතන බව පැහැදිලිය.“අපි හුඟක් දුර ඇවිත් වගේ දැනෙන්නෙ,” කඳුළු පිරි නෙතින් යුතුව ඈ පවසන්නේ ගොඩනැගිල්ලේ පැත්තකට තම තාප්පය භාවිතා කිරීමට ඔවුනට අවසර දුන් ඇගේ ඥාති සොහොයුරාටද බෙහෙවින් ස්තුතිවන්ත වන බව සඳහන් කරමිනි.“අපට උදව් කරපු හැමෝම නොහිටින්න අද අපි මෙතන නෑ.”

ව්‍යාපාරය දියුණු වන බවට වග බලා ගැනීම සඳහා ඇගේ මුලු පවුලම සහයෝගය ලබා දෙයි. කියවීමට හා ලිවීමට නොහැකි හබිලා ගිණුම් කටයුතු වෙනුවෙන් ඇගේ පුතාගේ සහ ලේලියගේ උදව් මත යැපෙන අතර ඇයට විවේකයක් ගැනීමට ඉඩ දෙමින් කඩය බලා ගැනීමට ඇගේ සැමියා හැම විටම සූදානම්ය. වැඩි සාර්ථකත්වයත් සමඟ කේවල් කිරීමට වැඩි හැකියාවක්ද ලැබී ඇත.“තවත් මට බඩු ගේන්න පිටට යන්න උවමනා වෙන්නෙ නෑ” හබිලා පවසන්නීය.ඒ වෙනුවට දැන් වෙළෙන්දෝ ඈ වෙත පැමිණෙති. අසල්වැසියන්ට විවිධ භාණ්ඩ සපයන කුඩා සිල්ලර කඩයක් ලෙස දැන් ව්‍යාපාරය පුළුල් වී ඇත. ඇගේ පුතා පිටුපස මිදුලේ මරන කුකුළන්ගේ මස් ඔවුහු තවමත් විකුණන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධව සිටිති. “අපේ නිෂ්පාදනය අළුත්, ඒ වගේම පිරිසිදුයි. ඒ හින්දා මේ පැත්තෙ හැමෝම කුකුල් මස් ගන්න එන්නෙ අපි ළඟට”, අලි පවසයි.