මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්, පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය

oneimage(1)
මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්, පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය
oneimage(1)
මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්, පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය
oneimage(1)
මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්, පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය
previous arrow
next arrow

භාණ්ඩ අලෙවි කරන්නෙකු ලෙස මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්ගේ විශිෂ්ට “සන්සුන් ඉවසිලිවන්ත ස්වභාවය” වසර ගණනක් තිස්සේ සවන්දීමෙන් හා පුහුණුවෙන් ප්‍රවේශමෙන් වැඩිදියුණු කරගන්නා ලද්දකි. ඉන්ස්පයර්ඩ් විසින් සංවිධානය කරන ලද වෙළඳ සල්පිල අතරතුරදී එය උපරිම මට්ටමට පත්විය. “එතනදි මට ඇත්තටම කිසිම දෙයක් ගන්න උවමනාවක් නොතිබුණ මිනිස්සු එක්ක පැය ගාණක් ඉවසිල්ලෙන් කථා කරන්න සිද්ධ උනා.ඒත් ඉවසීමෙයි, හැම කෙනෙකුටම මගේ පාරිභෝගිකයෙක් වෙන්න ඉඩ තියෙන කෙනෙකුට හැටියට සැලකීමෙයි වටිනාකම මම ඉගෙන ගත්තා.”

“වඩා හොඳ ගිණුම්කරණ පරිචයන්, ආරක්ෂාව, ඉන්වෙන්ට්‍රි කළමනාකරණය ආදියේ අවශ්‍යතාව පිළිබඳව මනා දැනුවත් බවක් ඔහු අත්කර ගත් විවිධ කුසලතා අතර විය.“ මේ වැඩසටහන ව්‍යාපාර ගැන හරි දැනුමක් අවබෝධයක් නැති ආධුනිකයෙක්ව හිටිය මාව වෘත්තිකයෙක් හැටියට වෙනස් කළා” පාසලෙන් පිටවූ වහාම ඇඳුම් මසන්නකු ලෙස තම ජීවිකාව ඇරඹූ ලතීෆ් පවසයි” .

80 සහ 90 දශක වලදී යුද්ධයේ බලපෑමට ලක්ව තිබූ නැගෙනහිර පළාතේ බොහෝ දෙනකු කළාක් මෙන් මැදපෙරදිග සේවයට ගොස් සිටියදී ඔහු පොරාදු කිරීමේ දැනුම ලබා ගත්තේය. ආපසු පැමිණි විට, ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට කුසලතා හා දැනුම ඔහු සතුව තිබුණද, මෙරට පවතින තත්ත්වයට හැඩ ගැසීමට ඔහුට නොහැකි විය.“මම හදපු දේවල් වල තත්ත්වය මෙහෙ වෙළඳපොළට ඕනැ මට්ටමට වඩා ඉහලින් තිබුණෙ.” එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට බොහෝ පාඩු විඳීමට සිදු වූයෙන් ඔහුට නැවතත් මැදපෙරදිග යාමට සිදු විය.

“අන්තිමේ මම ආපහු ආවාම මම GAFSO (ගෘෘප් ඇක්ෂන් ෆෝ සෝෂල් ඕඩර්, ප්‍රාෙද්ශීය සංවිධානයක්) හම්බ වෙලා ඉන්ස්පයර්ඩ් ගැන දැන ගත්තා”. තම ව්‍යාපාරය පිළිබඳව වඩාත් තර්කානුකූලව සිතීමටත් තම ව්‍යාපාරය අදියරෙන් අදියර දියුණු කිරීමටත් සැසි ඔහුට උපකාරවත් විය.

වෙනත් ප්‍රජාවන් වෙතින් ව්‍යාපාරිකයන් ද ඔහුට හමුවූ අතර ඔහු ඔවුන් හා ඉක්මනින් මිතුරු විය. ඒක වාර්ගික මුස්ලිම් ප්‍රජාවට අයත් ලතීෆ් පවසන්නේ දෙමළ සහ සිංහල ජනතාව පිළිබඳ සැකයක් නොදැනුවත්වම ඔහුගේ යටි සිතේ වූ නමුත් වැඩසටහන අතරතුරදී ඒවා ඉක්මනින්ම අතුරුදහන් වූ බවයි.“අපි දැං එකිනෙකාට කතා කරන්නෙ “මචං” කියලා ඔහු සිනා නගමින් පවසයි. ප්‍රජාවන් අතර මිතුරු සබඳතා වැඩි දියුණුව