නිල්මිණි කුරේ සහ ලෝහිතරාජා නාගලච්ෂුමී, කෝරලෙයි පත්තු, මඩකලපුව

oneimage(1)
නිල්මිණි කුරේ සහ ලෝහිතරාජා නාගලච්ෂුමී, කෝරලෙයි පත්තු, මඩකලපුව
oneimage(1)
නිල්මිණි කුරේ සහ ලෝහිතරාජා නාගලච්ෂුමී, කෝරලෙයි පත්තු, මඩකලපුව
oneimage(1)
නිල්මිණි කුරේ සහ ලෝහිතරාජා නාගලච්ෂුමී, කෝරලෙයි පත්තු, මඩකලපුව
previous arrow
next arrow

ලෝහිතරාජා නාගලච්ෂුමී සහ නිල්මිණි කුරේ හුදෙක් මිතුරියන් පමණක්ම නොවේ; ඔවුන් ව්‍යාපාර හවුල්කරුවන්, ජීවිතකාලය පුරාවටම එකිනෙකාගේ සහායකයන් හා සොහොයුරියන් වේ.ළමාවියේ ඔවුන්ගේ සමීප මිතුරුදම අනූ ගණන්වල මුල් භාගයේදී යුද්ධය හේතුවෙන්දෙකඩව ගියේ නිල්මිණිට හා ඇයගේ පවුලේ අයට මුහුදින් නිර්භීත ලෙස ගැලවී යමින් ආක්‍රමණික එල්.ටී.ටී.ඊ. හමුදා වෙතින් පළා යාමට සිදු වූ විටය.දශක ගණනකට පසු, නිල්මිණි ඇගේ ගම වන කල්කුඩා වෙත ආපසු ඒමට තීරණය කළ විට ඇගේ විශ්වාසවන්ත මිතුරිය ඈ එන තෙක් බලා සිටිනු ඈට දකින්නට ලැබිණි.

ලෝහිතරාජාගේ පවුලට පෙර සිටම සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයක් තිබිණි.ඇගේ කුඩා අවන්හල හා අමුත්තන් වෙනුවෙන් වූ නිවෙස දශක ගණනක් තිස්සේ ලොව දස දෙසින් පැමිණි අමුත්තන් සාදරයෙන් පිළිගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත නැවතත් පැමිණෙති. නිතරම ඈට ලිපි ලියන තරමට ඔවුන් ඇයට හිතවත්ය.වසර ගණනක් පුරා ඈ ප්‍රෙව්ශමෙන් එකතු කරගෙන තිබෙන ලිපි හා සේයාරෑ මිටි ගණන් එයට සාක්ෂි දරයි.නිල්මිණිගේ අමුත්තන් වෙනුවෙන් නිවෙස වසර 4 ට පෙර අරඹන ලද වඩා අලුත් එකකි. ගෝලීය වසංගතයෙන් ඔවුන් දෙදෙනාටම ඇති වූ දැඩි බලපෑමත් සමඟ ඔවුහු අන් කවරදාටත් වඩා එකිනෙකා මත යැපීමත් හැකි සෑම විටම සම්පත් බෙදා හදා ගැනීමත් කරති.

ලෝහිතරාජාට ඉන්ස්පයර්ඩ් වැඩසටහන පිළිබඳව අසන්නට ලැබුනු විට, ඈ වහාම නිල්මිණිව එයට සම්බන්ධ කළාය.“අපි දෙන්නම එකට එක් ඉන්න එක මට ඇත්තටම ඕනැ උනා.” ඇය පවසන්නීය.වැඩසටහන ඔවුන් දෙදෙනාටම බොහෝ දේ උගන්වා ඇත.නිල්මිණි සහ ඇගේ සැමියා (හිටපු හමුදා නිලධාරියෙකු), අයවැය සැකසීමට, ගිණුම් පවත්වාගෙන යාමට සහ ඔවුන්ගේ ලාභ කාර්යක්ෂම ලෙස නැවත ආයෝජනය කිරීමට ඉගෙන ගත්හ.“අපේ ව්‍යාපාරය සංවිධානය කරගන්න වැඩසටහන ඇත්තටම උදව් කළා,” ඇය තරයේ කියා සිටින්නීය.වසර 13 ට පෙර ලෝහිතරාජාගේ සැමියා මිය ගිය පසු, ඇය සිය ව්‍යාපාරය පුළුල් කළ අතර ව්‍යවසායිකාවක වීම ඇයට අමුතු දෙයක් නොවේ.එසේ වුවත්, වයස 65 දී පවා, ඇය තවමත් ඇගේ ව්‍යාපාරය වැඩිදියුණු කරන මාර්ග සොයමින් සිටී. දැනට ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින්නේ වැඩසටහනේදී ඇයගේ එක් උපදේශකයකුගේ උපදෙස් අනුව සාප්පුවේ ගෙබිම ලිනෝලියම් ඇතිරීමයි.

හැමවිටම ගැටළු විසඳීමට ක්‍රම සොයා ගැනීමෙහි දක්ෂ ලෝහිතරාජා මාස හයකින් වේවැල් කූඩා විවීමට ඉගෙන ගෙන, ගෝලීය වසංගතයෙන් මන්දගාමීව ඇති කාලය තුළ තල් පට්ටා වලින් කූඩා විවීම කරමින් සිටින්නීය.බොහෝ සෙයින් අවශ්‍යව ඇති අමතර ආදායමක් ලබා ගැනීමට ඇය ඒවා අපනයන කරුවකුවට සපයන්නීය.