තුවාන් ආරිෆ් හලිදීන් සහ හලිදීන් ෆතුම්මා, මන්මුණේ උතුර, මඩකලපුව

oneimage(1)
තුවාන් ආරිෆ් හලිදීන් සහ හලිදීන් ෆතුම්මා, මන්මුණේ උතුර, මඩකලපුව
oneimage(1)
තුවාන් ආරිෆ් හලිදීන් සහ හලිදීන් ෆතුම්මා, මන්මුණේ උතුර, මඩකලපුව
oneimage(1)
තුවාන් ආරිෆ් හලිදීන් සහ හලිදීන් ෆතුම්මා, මන්මුණේ උතුර, මඩකලපුව
previous arrow
next arrow

තුවාන් ආරීෆ් හලිදීන් සහ ඔහුගේ බිරිඳ අඩ සිය වසකට පෙර සිටියාක් මෙන් අදත් ප්‍රේමයෙන් බැඳී සිටින බව හැඟේ. ඔවුහු එකිනෙකාගේ වාක්‍ය සම්පූර්ණ කරති, එකිනෙකා දෙස ප්‍රේමණීය බැලුම් හෙළති, එතිනෙකාගේ අවකාශය ඉවෙන් මෙන් දනිති.ඊද් උත්සවයට පසුදින ඔවුන්ගේ විශාල පවුලෙන් ඉතිරි වූවෝ තවමත් එහි සිටිති. ඔවුනට දරුවන් හත් දෙනකු සිටින අතර කටාර්හි සිටින එක් පුතෙකු හැරුණු කොට අනෙක් සියල්ලෝම උත්සවය වෙනුවෙන් දෙමාපියන් බලන්නට ආවෝය.

දරුවන් හත් දෙනෙකු හදා වඩා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවූ අතර හලිදීන්ලා එය කිරීමට සමත් වූයේ අඩක් ඔවුන් වසර 40 ට වැඩි කාලයකට පෙර ආරම්භ කළ ඉතා රසවත් අච්චාරු සෑදීම මගිනි.“අච්චාරුයි (මැලේ අච්චාරු) උරුගායි ( ලුණු දෙහි) තමයි අපට අපේ ළමයි දැඩි කර ගන්න, එයාලව ඉස්කෝලෙ යවන්න, එයාලා ලොකු වෙලා සාර්ථක වෙනවා දකින්න උදව් උනේ,” ෆතුම්මා පවසන්නීය.ඇගේ උපන් ගම ශ්‍රී ලංකාවේ දකුණේ ගාල්ල වූ අතර වයස අවු.16 දී ඇගේ මවගේ ගම වූ මඩකපුවට පැමිණෙනු ඈට මතක තිබේ.ඈට තුවාන් හමු වූයේ එහිදීය.

අච්චාරු සාදනු ලබන්නේ ෆතුම්මාගේ පවුලේ පරම්පරාවෙන් පරම්පරාවට ආ පැරණි වට්ටෝරුවකට අනුවය.අද දක්වාම පළතුරු හා එළවළු විකුණන තුවාන් සිය කඩයේ එදිනෙදා ඉතිරි වන දේ ඈට අච්චාරු සෑදීම සඳහා නිවසට රැගෙන එයි.මෙය පිරිවැය ඵලදායක වූ නමුත් තමන්ට අලෙවි කළ හැකි නිපැයුමක් තිබෙන බව මෙම යුවලට වැටහුණේ ඇගේ අච්චාරු මිතුරන් හා පවුලේ අය අතර ප්‍රසිද්ධ වූ විටය.ඔවුහු බෝතල් කළ ලුණු දෙහි තුවාන්ගේ කඩයෙහි අලෙවි කළ අතර විශාල පිරිසක් සහභාගි වන විශේෂ අවස්ථා සහ උත්සව වෙනුවෙන් මැලේ අච්චාරු (හොඳ බිරියානි සමඟ ගැනීමට අත්‍යවශ්‍ය ආහාරයක්) විශාල ප්‍රමාණ වලින් සැපයූහ.

වැඩි වශයෙන් දෙමළ ජනතාව වෙසෙන ගමක ජීවත් වන මෙම යුවළට සහජීවනය අමුතු දෙයක් නොවේ.එසේ වුවද, ඉන්ස්පයර්ඩ් වැඩසටහන එයට සහභාගි වූ දෙමළ හා සිංහල ප්‍රජා සාමාජිකයන් අතරින් අළුත් විශ්වාසවන්ත පාරිභෝගිකයන් රැසක් හඳුන්වා දුන්නේය.ඔවුන් අතරින් එක් අයෙකු, මෑතකදී ව්‍යාපාරය පුළුල් කිරීම්වලට තීරණාත්මක වූ ණයක් සපයමින් ආයෝජකයකු බවට පවා පත් වූයේය.

ඉන්ස්පයර්ඩ් වැඩසටහන හා එක් වූ දා සිට මෙම ව්‍යවසායක යුවළට නව ජවයක් ලැබී ඇත.“වෙළඳ සල්පිලේදි අපේ නිෂ්පාදන වලට ලැබුණු ප්‍රතිචාර බොහොම ඉහළයි,” තුවාන් උද්‍යෝගයෙන් පවසයි.වැඩසටහන ඔවුන්ට ඇසුරුම් කිරීමේ ශිල්පීය ක්‍රම සහ මහා පරිමාණ නිෂ්පාදනය කරා ප්‍රවේශයන් හඳුන්වාදුන් අතර ඔවුහු ඒවා අත්හදා බැලීමට දැඩි උනන්දුවෙන් සිටිති.ඔහුගේ බෝතල් වෙනුවෙන් අළුත්ම ලේබල් ඇතුළුව ඔහු සකස් කර ගෙන ඇති නව අලෙවි කිරීමේ ද්‍රව්‍ය ඔහු ආඩම්බරයෙන් පෙන්වයි.තුවාන් දැන් සිහින දකින්නේ ඔවුන්ගේ නිෂ්පාදනය රට පුරා ආයතන වලට සැපයීමටයි.