ජෙයසුරාජන් අයිරින් රාජා ආර්තිකා, එරාවුර් පත්තු, මඩකලපුව

oneimage(1)
ජෙයසුරාජන් අයිරින් රාජා ආර්තිකා, එරාවුර් පත්තු, මඩකලපුව
oneimage(1)
ජෙයසුරාජන් අයිරින් රාජා ආර්තිකා, එරාවුර් පත්තු, මඩකලපුව
oneimage(1)
ජෙයසුරාජන් අයිරින් රාජා ආර්තිකා, එරාවුර් පත්තු, මඩකලපුව
previous arrow
next arrow

තම දික්කසාදයට සන්සුන්ව මුහුණ දුන් ඉතා ස්වාධීන තැනැත්තියක ලෙස පෙනෙන ආර්තිකා, තනිවම ඇගේ දරු දෙදෙනා හදා වඩා ගැනීමට සමත්ව ඇතිවා පමණක් නොව එසේ කර ඇත්තේ ඇගේ ව්‍යාපාර නිපුණතාව වඩ වඩාත් විවිධාංගීකරණය සහ වැඩි දියුණු කර ගැනීම කරන අතරමය.

නොනැවතී වැඩ කරන ව්‍යවසායිකාවක වන අයිරින් රාජා ආර්තිකා එරාවුර් පත්තුහි පිහිටි සුන්දර ගම්මානයක පිහිටි විශාල, මඳ සුළං හමා යන ගෙවුයනක සුව පහසුවෙන් සිටී.“ මේක වැඩියෙන් ලාබයි විතරක් නෙවෙයි මගෙ සත්තු හදන්න වැඩියෙන් ඉඩකඩත් තියෙන බව තේරුණාම 2020 අප්‍රේල් මාසෙ තමයි මම මෙහෙ පදිංචියට ආවෙ.” ඒ සතුන් නම් ඇගේ වත්තේ එහෙ මෙහෙ දුවන තාරා සහ කුකුළු රංචුය.වත්තේ කොටසක් වට කර එළවළු වගාවට වෙන් කර තිබේ.

තාරාවුන් හා කුකුළන් ඇති කිරීම හා එළවළු වගාව හැරුණු කොට උදෑසන ආහාර විකුණන කුඩා කඩයක්ද පවත්වාගෙන යාමට ආර්තිකා පුරුදුව සිටියාය. ගෝලීය වසංගතය හා සම්බන්ධ ගැටළු හේතුවෙන් එය නැවතී ඇති නමුත් ඒ තාවකාලිකවයැයි ඇය බලාපොරොත්තු වන්නීය.දැනට ඇගේ ප්‍රධානම ව්‍යාපාරය වන්නේ වියළි කෙටි කෑම වර්ග නිෂ්පාදනයයි. ඇයම ඒවා පැකට් කර ප්‍රෙද්ශයේ වෙළඳසල් වලට අලෙවි කරන්නීය.ඇසුරුම් කිරීමේ ශිල්පීය ක්‍රම, රාක්ක ආයු කාල තක්සේරුව හා ඇගේ කර්මාන්තයෙහි අනෙකුත් අංශ පිළිබඳව ඉගෙනුමට ඈ මුලින්ම ඉන්ස්පයර්ඩ් වැඩසටහනට සම්බන්ධ වුවත් වැඩසටහන අවසන් වූයේ තවත් නිම්වළලු ගණනාවක් විවර කරමිනි.

“මට එහෙදි වෙන ජාතිවල යාළුවො ගොඩක් හම්බ උනා” ආර්තිකා පවසන්නේ දැන් තමන්ට ජීවිතයේ පළමු වතාවට මුස්ලිම් යහළුවන්ද සිටින බව පවසමිනි.ඒ අතරින් එක් අයෙකු වන ඕඩ්ඩමාවඩි හි නෆීරා නැගෙනහිර වෙරළබඩ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් කුසලතා වර්ධන වැඩසටහනක් අරඹා ඇති අතර ඔවුන්ට ඉගැන්වීමට ආර්තිකාට ඇරයුම් කර ඇත.“මම ඉගෙන ගත්ත කුසලතායි දැනුමයි තවත් අයට දෙන්න ලැබෙන එක ගැන මට හරිම සතුටුයි”.