ඒ.අනුලා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු, තඹලගමුව, ත්‍රිකුණාමලය

oneimage(1)
ඒ.අනුලා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු, තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
ඒ.අනුලා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු, තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
ඒ.අනුලා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු, තඹලගමුව, ත්‍රිකුණාමලය
previous arrow
next arrow

අනුලා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු සමාජයට උපකාර කිරීමට කොතරම් කැපවී සිටින්නේද කිවහොත් ඈ ප්‍රජා සංවිධාන නවයකට සම්බන්ධ වී ඒවායේ විවිධ නිල තල උසුලන්නීය.සංවිධානය ප්‍රෙද්ශයේ මුලින්ම පිහිටවන ලද දා සිටම ඈ සාමාජිකාවකව සිටින සර්වෝදය මෙයට අයත්ය. “මට ඕනැ උනත් මගෙ තනතුරු වලින් අයින් වෙන් විදියක් නෑ මගෙ වගකීම් බාර ගන්න විශ්වාසවන්ත කෙනෙක් නැති නිසා” ඈ සිනාසෙන්නීය.

ඇයත් ඇගේ සැමියාත් වසර විස්සකටත් වැඩි කාලයකට පෙර ත්‍රිකුණාමලයට පදිංචියට ආවේ ඉතා සුළු මුදලක් අතැතිවය.යුද්ධය හා බැඳුණු අන්තරායයන් නිසා ඔවුන් එහි පැමිණ ටික කලකින්ම ඔහුගේ මැණික් ව්‍යාපාරය නැවැත්වීමට සිදු විය. ආදායමක් උපයාගැනීම සඳහා මෙම යුවල ලිපි ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, උපාංග ආදිය විකුණන කුඩා “අරුමෝසම් බඩු” කඩයක් පටන් ගත්හ.“මේ කඩේට පින් සිද්ද වෙන්න දැං අපට අපේම ගෙයකුයි ඉඩමකුයි තියෙනවා” ප්‍රියදර්ශනී පවසන්නේ සිනහවකින් මුව සරසා ගනිමිනි.

ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් වලට දීර්ඝ කාලීනව සහභාගි වී ඇති ප්‍රියදර්ශනී ඇගේ වැඩ වෙනුවෙන්, විශේෂයෙන්ම ඇගේ අත්කම් වෙනුවෙන්, විවිධ ත්‍යාග දිනා තිබේ. උදව් හා දිරිගැන්වීම අවශ්‍ය වූ ඇගේ සගයන් හා මිතුරන් එක්රැස් කළ ඉන්ස්පයර්ඩ් වැඩසටහන ප්‍රියදර්ශනීට මූලිකවම ප්‍රජා සේවයට ඇගේ ඇති කැමැත්ත සමඟ තවදුරටත් කටයුතු කිරීමේ මගක් වූයේය.ඔවුන් අතරින් එක් අයකු වූ ජබරුල්ලාගේ සහෝදරිය (ප්‍රජාවෙන් සහභාගි වූ තවත් තැනැත්තියක) දැන් ඇගේ අත්කම් බෑග් ප්‍රියදර්ශනීගේ සාප්පුව හරහා අලෙවි කරන්නීය.

තමන්ගේම දරුවන් නොමැති ප්‍රියදර්ශනී තුළ ඇගේ ව්‍යාපාරයේ මූලික ප්‍රතිලාභීන් වන පාසල් දරුවන් කෙරෙහි විශේෂ ආදරයක් ඇත. ඈ යුතුකමක් ඉටු කරන ලෙසින් සෑම දිනකම උදෑසන 6.30 වන විට ඇගේ සාප්පුව අරින්නේ එහෙයිනි.මහන්සි වී වැඩ කර පුරුදු ඈ පෝය නිවාඩු දින හැරුණු කොට සතියේ දින හතම ඇගේ කඩය අරින්නීය.