අබ්දුල් අසීස් ජබරුල්ලා – තඹලගමුව, ත්‍රිකුණාමලය

oneimage(1)
අබ්දුල් අසීස් ජබරුල්ලා - තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
අබ්දුල් අසීස් ජබරුල්ලා - තඹලගමුව, ත්‍රිකුණාමලය
oneimage(1)
අබ්දුල් අසීස් ජබරුල්ලා - තඹලගමුව, ත්‍රිකුණාමලය
previous arrow
next arrow

අබ්දුල් අසීස් ජබරුල්ලා වසර දහයකට පෙර ගවයන් බෝ කිරීම ආරම්භ කළේය.“මම පටන් ගත්තෙ මම රුපියල් අනූ දාහක් දීලා ගත්ත හරක් දෙන්නෙක්ගෙන්” ඔහු පවසන්නේ දැන් ඔහුගේ ගව පට්ටිය රුපියල් මිලියනයක් පමණ වටිනා බවද සඳහන් කරමිනි. ඔහු හැමවිටම හරකුන් ප්‍රිය කළේය.ඒ කොතරම්ද කිවහොත් කුඩා අවදියේදී ඔහු නොදැනුවත් කමින් අනුන්ගේ හරකුන් ගෙදර ගෙන ආවේය.ඔහු දැන් ඒ දඟ වැඩ කරන කාලය පසුකර විත් සිටියද ඔහුගේ මුහුණේ දඟකාර හැඩහුරුව සහ වහා නැගෙන සිනහව, දැන් ශූර ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින ඔහු තුළ තවමත් සිටින විනෝදකාමී තැනැත්තා හෙළි කරයි.

ඔහුගේ මුළු පවුලම ව්‍යාපාරයට සම්බන්ධව සිටී.ඔහුගේ බිරිඳගේ සිට, ඔහුගේ දියණියන් හා ඔහුගේ කුඩා පුතා පවා.“හැමවෙලේම හරක් බලා ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා” ඔහු පවසන්නේ මේ හේතුවෙන් ඔහුගේ වැඩ වලට කිසිදු පාඩුවක් නොවී ඉන්ස්පයර්ඩ් වැඩසටහනට සහභාගි වීමට ඔහුට හැකි වූ බවද සඳහන් කරමිනි.වරක් ඔහු අසනීප වූ විට, ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ සහභාගි වූවාය. “අපිට මුකුත් මඟ ඇරෙන්නෙ නැති වෙන්න” ඔහු පවසයි.

වැඩසටහන ජබරුල්ලාට විශාල වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන බව ඔප්පු වී ඇත. ඔහු ආඩම්බරයෙන් සිය ගිණුම් පොත් අපට පෙන්වයි.“මම ගිණුම් තියන්න ඉගෙන ගන්න කලින් අපි කවදාවත් අපේ ගනුදෙනු සටහන් කරගත්තෙ නෑ,” ඔහු පවසන්නේ මෙය සිය ව්‍යාපාරය සැලසුම් කිරීමට සැබැවින්ම ප්‍රයෝජනවත්ව ඇති බවද කියමිනි. දැන් සාර්ථක අතිරේක ආදායම් මාර්ගයක් වී ඇති ගොම වලින් පොහොර සෑදීමේ අදහසද වැඩසටහන ඔහුට ලබා දුන්නේය.වැඩසටහන හරහා ඔහු ඇති කරගත් සම්බන්ධතා මගින් ඔහුගේ ගොනුන් මිළදී ගැනීමට අයෙකුද සොයා ගත හැකි විය.ඒ සංචාරකයන් හා ප්‍රභූන් පුරවාගෙන යන කරත්ත වල බැඳීමට ඔවුන් යොදා ගන්නා සීගිරියේ ව්‍යාපාරිකයෙකි.

වෙහෙසට පත් නොවන සමාජ සේවකයකු වන ජබරුල්ලා හා සමඟම ඔහුගේ අසල්වැසි ප්‍රියදර්ශිනී, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩසටහන වෙනුවෙන් සහභාගිවන්නන් පෙන්නුම් කළ දැඩි උනන්දුවට ප්‍රධාන හේතුවක් විය. “මම හැම තැනම ඇවිදලා ඊළඟ වැඩමුළුව ගැන හැම දෙනාම දන්න බවටත් එයාලා සහභාගි වෙන බවටත් වග බලාගත්තා” යනුවෙන් ඔහු පවසන්නේ ඉන්ස්පයර්ඩ්හි සාමූහික සහභාගිත්වය ඔහුගේ ප්‍රජාවට නිසැකවම ප්‍රතිලාභ දෙන බව හොඳින්ම ඒත්තු ගෙන සිටින බැවිනි.