සේයාරූ රචනය

INSPIRED (ඉන්ස්පයර්ඩ්) ආර්ථිකයෙහි නිරත වීම තුළින් අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම

The Asia Foundation’s INSPIRED project aims to bridge communities torn apart by conflict

INSPIRED ව්‍යාපෘති ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රතිඵල මගින් විකාශය, සාර්ථකත්වයන් සහ උගත් පාඩම් ග්‍රහණය කරගනු පිණිස මෙම ඡායාරූප රචනය අබ්දුල් හලීක් අසීස් විසින් සකස් කරන ලදී. වඩාත්ම වැදගත් ලෙස, එය සමාජ ඒකාබද්ධතාව සහ ව්‍යාපෘතියට සහභාගි වූවන්ගේ පෞද්ගලික, සාමූහික සහ වෘත්තීයමය වර්ධනය කෙරෙහි ව්‍යාපෘතීන් හරහා පෝෂණය කරන ලද ආර්ථික සංවර්ධනය අතර සම්බන්ධය ග්‍රහණය කරගැනීමට උත්සාහ කරයි.

යුද්ධයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පෙදෙස් වල ප්‍රජාවන් අලුත් වූ ආකාරයේ වාර්ගික ආතතියට ගොදුරු විය හැකි තත්ත්වයට පත් කරමින් බොහෝ ඓතිහාසික අන්තර් වාර්ගික බැඳීම් බිඳී ගොස් ඇත. ආර්ථික ක්‍රියාකාරකම් සාම්ප්‍රදායිකව විවිධ සමාජ පන්ති, වාර්ගික හා ආගමික කණ්ඩායම් එකිනෙකා හා සම්බන්ධ කළ අතර ගැටුම විසින් ඇතිකරන ලද වෙනස්කම් මෙම බැඳීම් අවම මට්ටමට ගෙන ගොස් තිබේ.එකිනෙකා මත යැපීම හා සහජීවනය පෝෂණය කරමින් විවිධ වාර්ගිකත්වයන්ට අයත් පිරිස් අතර ව්‍යාපාරික සබඳතාවන්ට පරිවර්තනය විය හැකි, ඔරොත්තු දීමේ හැකියාව ඇති ජීවනෝපායයන් බිම් මට්ටමේදී පිහිටුවා ගැනීමට සම්පත්, පුහුණුව හා සහාය මෙම ප්‍රජාවන් සතුව නොමැත.

ආර්ථික විෂයපථය හරහා අන්තර් වාර්ගික නිරතවීම ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ස්වාභාවික අභිප්‍රේරණයක් තීව්ර කරවන බැවින් එය සඵලදායක බව බොහෝ රටවලදී ඔප්පු වී තිබේ. එකිනෙකා මත යැපීම පෝෂණය කරන හා සහභාගිවන්නන්ට දැනෙන ප්‍රතිඵල උත්පාදනය කරන හවුල් අවකාශයද එවැනි නිරතවීම ප්‍රවර්ධනය කරයි. ශ්‍රී ලංකාවේ ආසියානු පදනම (TAF) ආර්ථික නිරතවීම හරහා අන්තර් ප්‍රජා සංවාදය ප්‍රවර්ධනය කරයි.

ශ්‍රී ලංකාව තුළ ආසියානු පදනම මූල්‍ය සම්පාදනය කරන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තිරසාර සාමකාමී අන්තර් වාර්ගික සබඳතා (INSPIRED) ව්‍යාපෘතිය, ව්‍යාපාර අංශය තුළ අන්තර් ප්‍රජා නිරත වීම හරහා සමාජ ඒකාබද්ධතාව අරමුණු කරයි. ව්‍යාපෘතිය නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින්, දේශීය හවුල්කරුවන්ගේ, එනම් : GAFSO, ESCO, සර්වෝදය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය (FSLGA) , සහ ගුඩ් මාකට් යන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කෙරේ. නැගෙනහිර පළාතේ විධිමත් සහ අවිධිමත් ආර්ථිකයට සම්බන්ධව සිටින සියළු ප්‍රජාවන්ට පොදු ආර්ථික උවමනාවන් වටා සහයෝගිත්වයෙන් අන්තර් ක්‍රියා කිරීමට ආධාර කෙරෙන්නේ නම් හා එහි ප්‍රතිඵලයක් ලෙස අත්වන ප්‍රතිලාභ සමානව සියල්ලන්ටම අත්විඳීමට ඉඩ සලසනු ලබන්නේ නම්, ප්‍රජා මට්ටමේ අන්තර් ප්‍රජා සබඳතාද වැඩි දියුණු වනු ඇත යන තර්කය මත මෙය පදනම්ව ඇත.

ඉන්ස්පයර්ඩ් (ආර්ථික සංවර්ධනය හරහා තිරසාර සාමකාමී අන්තර්වාර්ගික සබඳතා වෙනුවෙන් මුලපිරීම ), නැගෙනහිර පළාතේ විධිමත් හා අවිධිමත් අංශ හා සම්බන්ධව සිටින ප්‍රජාවන් සමඟ සමීපව වැඩ කරමින් ආර්ථික නිරතවීම හරහා අන්තර් සබඳතා වැඩිදියුණු කිරීමේ විභවය ආමන්ත්‍රණය කළේය.

සැවොම ඇතුළත් කරගැනීම හා සැමට සම්පත් සැපයීම මගින් මෙම ව්‍යාපෘතිය ප්‍රජා මට්ටමින් අන්තර් වාර්ගික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රබල පෙළඹවීම් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.

ව්‍යාපෘතිය ව්‍යාපෘති ප්‍රතිලාභීන් අතර සංවාද සැසි මාලාවක් මෙහෙයවූ අතර නිෂ්පාදන චක්‍රය හා / හෝ අගය දාමය හරහා ව්‍යාපාර අදහස් වල ආධාර කරනු පිණිස ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසාය හිමිකරුවන් 178 කට නියමු ප්‍රදාන 92ක් බෙදා දුන්නේය. සහභාගිවන්නන්ට ගිණුම්කරණ කුසලතා ඇතුළුව ව්‍යාපාර පරිචයන් සහ ක්‍රියාවලි සහ සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳව මනා පුහුණුවක් ලබා දෙන ලදී. 2020 සැප්තැම්බර් මසදී ආසියානු පදනම, සහභාගිවන්නන්ගේ කුසලතා පරිහරණයට උපකාරී වූ වෙළඳ සල්පිල් මාලාවක් සංවිධානය කළේය. පුද්ගල මට්ටමින් වෙනත් විවිධ වෙනස්කම් හා බලපෑම් ඇති වී තිබේ. මේවා බොහෝ විට පුරෝකථනය කළ නොහැකි අතර මෙවැනි මුලපිරීමක විභවය තුළ අනපේක්ෂිත ප්‍රතිලාභ අත්කර දෙයි. මෙම කථා මාලාවේ අරමුණ වන්නේ ඉන්ස්පයර්ඩ් ව්‍යාපෘතියට සහභාගී වී එහි සහාය ඇතිව සමෘද්ධිමත් වූ පුද්ගලයන්ගේ ගමන්මග හරහා කියැවෙන මෙම අංශ කිහිපයක් හුවා දැක්වීමයි.

මෙයට අතිරේකව, පදනම සෑම ව්‍යාපෘති පිහිටීමකදීම ව්‍යාපෘති ප්‍රතිලාභීන්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් මට්ටමේ අමාත්‍යාංශ සමඟ රාජ්‍ය- පෞද්ගලික සංවාද මාලාවක් මෙහෙයවීය. ප්‍රාදේශීය ව්‍යාපාර මෑතකදී මුහුණ දුන් හා දැනට මුහුණ දෙමින් සිටින ගැටළු පිළිබඳව අන්තර් – ප්‍රජා සැලකිල්ලට ලක්වන කරුණු බෙදා හදා ගැනීම සහ සාධනීය සහ තිරසාර විසඳුම් සොයාගැනීම සඳහා මෙම සංවාද වේදිකාවක් සැපයුවේය. එහි ධාරිතා වර්ධන ක්‍රියාකාරකම් වල කොටසක් ලෙස පදනම ගුඩ් මාකට් සමග සහයෝගිත්වයෙන් දිස්ත්‍රික්ක තුනම තුළ ව්‍යාපෘතිවලට සහභාගිවන්නන් අතර විශේෂයෙන් සකස් කරන ලද පුහුණු කිරීම් මාලාවක් පැවැත්වීය. වෘත්තිකභාවය පිළිබඳ කලාවේ අති දක්ෂයෙකු වීම

වෘත්තිකභාවය පිළිබඳ කලාවේ අති දක්ෂයෙකු වීම

මොහිදීන් බාවා අබ්දුල් ලතීෆ්, පොතුවිල්, අම්පාර දිස්ත්‍රික්කය

ස්වාධීන සහ ශක්තිමත් කාන්තා ව්‍යවසායකත්වය

අහමඩ් ලෙබ්බේ රිසානා- කරෙයිතිවු, අම්පාර

ජීව දත්ත – අබ්දුල් හලීක් අසීස්

අබ්දුල් හලීක් අසීස් විවිධ ක්ෂේත්‍රවල චිත්‍ර ශිල්පියෙකු, පර්යේෂකයෙකු, ඡායාරූප ශිල්පියකු සහ පුවත්පත් කලාවේදියකු වේ. චිත්‍රශිල්පියෙකු ලෙස ඔහු කොළඹ සසික ප්‍රනාන්දු කලාගාරය විසින් නියෝජනය කරනු ලබන අතර දේශීය හා විදේශීය ප්‍රදර්ශන රැසක් පවත්වා ඇත. පුවත්පත් කලාවේදියෙකු ලෙස ඔහු සන්ඩේ ලීඩර්, අල් ජසීරා සහ සී.එන්.එන්. වැනි ආයතන සමග වැඩ කර තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන අංශයේ සංවිධාන සමග ඔහු පුළුල් ලෙස කටයුතු කර ඇත්තේ ඔවුන් නිරත වන ප්‍රජාවන්ගේ කටයුතු අවධානයට ලක් කරවීමට උපකාර කරන චිත්‍ර ශිල්පියෙකු, පර්යේෂකයෙකු, හා වාර්තා ඡායාරූප ශිල්පියෙකු ලෙස සිය දායකත්වය ලබා දෙමිනි. වැඩිදුර තොරතුරු වෙනුවෙන් ඔහුගේ abdulhalikazeez.com වෙබ් අඩවියට පිවිසෙන්න.