රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් INSPIRED ව්‍යාපෘති ප්‍රතිලාභීන් බැහැදැකීම
රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2021 නොවැම්බර් 20 වැනි දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙය ආසියා පදනමට සහ එහි ප්‍රජා මූලික හවුල්කාර සංවිධානය වන Group Action for Social Order (GAFSO) සංවිධානයට INSPIRED ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් විය.
ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මහතා GAFSO කාර්යාලය වෙත සාමාන්‍ය සංචාරයක නිරත වූ අතර INSPIRED ව්‍යාපෘතියට සහභාගී වූ මාවඩිප්පල්ලි ප්‍රදේශයේ අත්යන්ත්‍ර රෙදිපිළි ව්‍යාපාරිකාවක වන අහමඩ් ලෙබ්බේ රිසානා මහත්මිය හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ එම සංචාරයේදී ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභීන්ට ලැබෙන ප්රතිලාභ සියැසින්ම නිරීක්ෂණය කිරීමට ඔහුට අවස්ථාව ලැබිණ. ඔහු මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ප්‍රශංසා කළ අතර ආසියා පදනම සහ GAFSO යන ආයතන දෙකටම ඔවුන්ගේ වටිනා සේවය වෙනුවෙන් සිය ස්තුතිය පුද කර සිටියේ ය. ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර හිමියන්ගේ ජීවනෝපාය නඟා සිටුවීමේ දී ව්‍යාපෘතියේ වැදගත්කම ද සිහිපත් කළ ඔහු ජාතික හා කුඩා මට්ටමේ කර්මාන්ත සඳහා අවස්ථා නිර්මාණය කිරීමේදී ව්‍යාපෘතිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද අවධාරණය කළේය.