INSPIRED වෙතින් උගත් පාඩම් ආවර්ජනය
ආර්ථික සංවර්ධනය හරහා ජන වාර්ගික ප්‍රජාව අතර තිරසාර සාමකාමී සබඳතා ගොඩනැගීමේ (INSPIRED) ව්‍යාපෘතිය යටතේ, ආසියා පදනම 2021 ඔක්තෝබර් 15 වන දා Zoom තාක්ෂණය ඔස්සේ ‘පොදු ප්‍රතිඵල සහ උගත් පාඩම්’ නමින් සමීප වැඩසටහනක් පවත්වන ලදි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් ඇති වූ ප්‍රතිඵල වලට අදාළව සොයාගත් මූලික තොරතුරු සහ නිරීක්ෂණ සහ ඒ තුලින් උගත් පාඩම් දෙස නැවත ආපසු හැරී බැලීමට සහ ඒවා රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ බෙදා ගැනීමට ආසියා පදනමට සහ එහි ප්‍රජා මූලික හවුල්කාර සංවිධානවලට මෙය කදිම අවස්ථාවක් විය. වැඩසටහනට සහභාගි වූ හවුල්කාර සංවිධාන අතර Group Action for Social Order (GAFSO), Eastern Self-Reliant Community Awakening Organisation (ESCO), ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සම්මේලනය (Federation of Sri Lankan Local Government Authorities (FSLGA) ) සර්වෝදය සහ ගුඩ් මාර්කට් (Good Market) විය.
මෙහිදී, ආසියා පදනමේ ශ්‍රී ලංකා නියෝජිත දිනේෂා ද සිල්වා වික්‍රමනායක සහ නියෝජ්‍ය, නියෝජිත ජොහාන් රෙබට් විසින් INSPIRED ව්‍යාපෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදි. ඉන් අනතුරුව INSPIRED ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමණාකාරී කමායා ජයතිස්ස විසින් විශේෂයෙන් ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද ප්‍රදේශයන්හි ගොඩනැගෙමින් පැවති සමාජ-ආර්ථික සන්දර්භය තුළ, සාක්ෂි පදනම් කරගත් ප්‍රවේශයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු අනාවරණය කරන ලදී.
ඉහත ඉදිරිපත් කිරීම් වලින් පසු, ප්‍රජා මූලික හවුල්කාර සංවිධාන විසින් තමන්ගේ නිරීක්ෂණ සහ ව්‍යාපෘතිය හරහා ඔවුන් උගත් පාඩම් සහභාගිවන්නන් සමඟ බෙදා ගැනීම සිදුවිය.
ප්‍රජා මූලික සංවිධාන (CBOs) වෙත ලබා දී ඇති මූලික පුහුණුවීම් පිළිබඳව ආවර්ජනය කරමින් GAFSO හි අධ්යක්ෂ කමිල් ඉම්ඩඩ් මහතා, සාමය ගොඩනැගීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය, ව්‍යාපාරික කුසලතා පිලිබඳ පහසුකම් සපයන්නන් ලෙස සහ බිම් මට්ටමේ වැඩමුළු සඳහා පහසුකම් සැපයීමේ කුසලතා පිළිබඳ හවුල්කාර සංවිධාන තුනම පුහුණු කිරීමේ ක්‍රියාවලිය පැසසුමට ලක් කළේය. තමන්ගේ ම ශක්තීන් වැඩි දියුණු කර ගැනීමට සහ දුර්වලතා හඳුනාගැනීමට ප්‍රජා මූලික සංවිධානවලට ඇති හැකියාව අවබෝධ කර ගැනීම සඳහා පදනමේ ආයතනික තක්සේරුව සිදුකරන ලද බවද ඔහු සිහිපත් කළේ ය.
ගුඩ් මාර්කට් හි අධ්යක්ෂ සහ නිර්මාතෘ අචලා සමරදිවාකර මහත්මිය ධාරිතාව සහ ප්‍රජාවන් අතර සබඳතා යන කාරණා දෙකම ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩසටහන අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳව ද මෙනෙහි කළාය. පහත සඳහන් විෂයන් පිළිබඳව ව්‍යාපෘතියේ සහභාගිවන්නන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ගුඩ් මාර්කට් විසින් වැඩමුළු පවත්වන ලදී: ද්‍රව්‍ය තෝරාගැනීම, වර්ණ ගැලපීම, ලේබල් කිරීම සහ ආහාර සැකසුම් ශිල්පීය ක්‍රම. වැඩසටහනේ ධාරිතාව ගොඩනැගීමේ අංශය හරහා සහභාගීවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාරික භාවිතයන් වැඩි දියුණු කර ගැනීමට හැකි වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
සර්වෝදය හි වැඩසටහන් කළමනාකරු ජිනාදරි වෙදමුල්ල මෙනවිය සහ ESCO හි ක්ෂේත්‍ර නිලධාරී මරීනෝ නිවාඩ් මහතා, ව්‍යාපාරික ප්‍රජාව විසින් තම ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීමේ දි එකිනෙකා අතර භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ ව්‍යාපෘතිය විසින් අනුගමනය කළ කොන්දේසිය, ප්‍රජාවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට දායක වී ඇති ආකාරය පිළිබඳ තම අත්දැකිම් බෙදා ගත්හ. තෝරාගත් සහභාගිවන්නන් වෙත ලබා දුන් ප්රාරම්භක අරමුදල් පිළිබඳ සිය නිරීක්ෂණ නිවාඩ් මහතා ඉදිරිපත් කළේය. අරමුදල්ලාභීන්ගෙන් බහුතරය කාන්තා ව්‍යාපාර හිමිකරුවන් බවත් එකි සහභාගිවන්නන් විසින් ඒ තුළ අත්පත් කර ගෙන ඇති ආර්ථික හා සාමාජීය ප්‍රතිඵලය ඉතාමත් ධනාත්මක බව ද ඔහු අවධාරණය කළේය.
මෙම ප්රාරම්භක අරමුදල් සහභාගිවන්නන්ට තම ව්‍යාපාර තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට හේතු වූ බවත්, ඒ තුළින් වසංගතය වැනි දුෂ්කර කාලවකවානු වලදී පවා ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කරගැනීමට සහ නව වෙළෙඳපොළ නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වී ඇති බවත් ඒ පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් වෙදමුල්ල මහත්මිය පෙන්වා දුන්නාය. සාමාජීය දෘෂ්ටිකෝණයකින් බලන කළ ප්රාරම්භක අරමුදල් සහභාගිවන්නන්ට තමන්ගේ ජීවන තත්ත්වය සහ ආත්ම අභිමානය ඉහළ නැංවීමට දායක වී ඇත.
ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ඇති කරගත් ත්‍රිකුණාමලයේ සහ කන්තලේ කාන්තා ව්‍යවසායකයින් දෙදෙනෙකුගේ කතාන්දර වෙදමුල්ල මහත්මිය ඉදිරිපත් කළාය. කන්තලේ වෙසෙන දෙමළ ජාතික මැහුම් ශිල්පිනියක් සහ ත්‍රිකුණාමලයේ වෙසෙන සිංහල ව්‍යාපාරික කාන්තාවක් අතර හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීම තුලින් ඔවුන්ට තම නිෂ්පාදන එකිනෙකාගේ වෙළෙඳසල් හරහා අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබී ඇත. මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දෙමළ ජාතික මැහුම් ශිල්පිනියට තම නිමි ඇඳුම් ත්‍රිකුණාමලයේ මෙන්ම කන්තලේ ද අලෙවි කිරීමට හැකි වී ඇති අතර සිංහල ජාතික ව්‍යාපාරික කාන්තාවට ඇගේ නිෂ්පාදන ඇයගේ වෙළෙඳසැලේ මෙන්ම කන්තලේ ද අලෙවි කිරීමට හැකි වී ඇත. මෙකී තත්ත්වය සභාගීවන්නන්ට නව වෙලඳපොලවල් වෙත පිවිසීමට සහ ඒ තුලින් තම ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සලසා දි ඇත.
රාජ්‍ය-පෞද්ගලික සංවාදවල (public-private dialogues (PPDs) (PPDs) බලපෑම FSLGA හි වැඩසටහන් නිලධාරිනී චදිනි රාමනායක මහත්මිය සහ නැගෙනහිර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් මනිවන්නන් මහතා විසින් අවධාරණය කරන ලදී. සභා මට්ටමින් ව්‍යාපාරික උපදේශක කමිටු පිහිටුවීමේ ක්‍රියාවලිය රාමනායක මහත්මිය පැහැදිලි කළාය. ව්‍යාපෘති බල ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාවගේ මැදිහත්වීම ශක්තිමත් කිරීමට සහ පළාත් පාලන ආයතන වලට (Council on Regional Economic Development) නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය-පෞද්ගලික සංවාදවලට හැකි වූ බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
පසුගිය කාලය පුරාවට භීතියෙන් හා අවිශ්වාසයෙන් මිරිකී ජීවත් වු නැගෙනහිර පළාතේ වෙසෙන ජනතාව වෙනු වෙන් අවශ්‍යයෙන් ම කළ යුතු කාරණයක් වූ ප්‍රජාවන් අතර සහයෝගීතාව ඇති කිරීමට දායක වීමට INSPIRED ව්‍යාපෘතියට හැකි වූ බවද මනිවන්නන් මහතා අවධාරණය කළේය. භේදයකින් තොරව සියළු ජන කොටස් ඇතුළත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීමටත්, ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීමටත් සහ පළාත් පාලන ආයතන සමඟ කේවල් කිරීම සදහා සවිබල ගැන්වු ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීමටත් ව්‍යාපෘතිය හරහා හැකියාව ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ව්‍යාපෘතිය හරහා ආසියා පදනම විසින් උගත් පාඩම් පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක් සහ අනාගත වැඩසටහන් පිළිබඳ ඇඟවීම් කිහිපයක් ආසියා පදනමේ උපදේශක ආචාර්ය ගෝපා තම්පි විසින් ඉදිරිපත් කරන ලදී. පෞද්ගලික අංශයේ දායකත්වය ඇති කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික සංවාදයේ සාර්ථකත්වය ඔහු අවධාරණය කළේය. රාජ්‍ය-පෞද්ගලික සංවාද හරහා විවිධ ව්‍යාපාරික ප්‍රජාවන් අතර තිරස් ජාලකරණය සාක්ෂාත් කර ගැනීමට INSPIRED ව්‍යාපෘතියට හැකි වූ බව ද ඔහු විසින් පෙන්වා දෙන ලදි. PPDs හි ආරම්භක ගමන්මගේ විශාලතම වාසි දෙක ලෙස ඔහු හඳුනාගත්තේ වැඩි දියුණු කළ අන්තර්කරණය සහ සමාජ ප්රාග්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.
අනාගත වැඩසටහන් සඳහා වන ඇඟවීම් ද ආචාර්ය තම්පි විසින් අවධාරණය කරන ලදි. පළාත් පාලන ආයතන වල ක්රියාකාරිත්වයන්, ව්‍යුහයන් සහ ව්‍යාපාරික ප්‍රජාව තුළට භාවිතය කාවදින තුරු ව්‍යාපෘතිය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය. අනාගත වැඩසටහන් වලදී ආර්ථික සාක්ෂරතා අංගයක් තිබිය යුතු බවත් සමාජ ජාල, ආර්ථික ප්රාග්ධනය බවට පරිවර්තනය කළ හැකි ආකාරය පිළිබඳ ආර්ථික දිරිගැන්වීම් ලබා දිය යුතු බවත් ඔහු සිහිපත් කළේය.
‘පොදු ප්‍රතිඵල සහ උගත් පාඩම්’ වැඩසටහන තුළින් පදනමේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ ප්‍රජා මුලික හවුල්කාර සංවිධාන වලට ව්‍යාපෘතිය විසින් සාක්ෂාත් කරගත් ප්‍රතිඵල සහ අනාගත වැඩසටහන් සඳහා වූ ඇඟවීම් පිළිබඳව මෙනෙහි කිරීමට අවස්ථාවක් සලසා දෙන ලදී. INSPIRED ව්‍යාපෘතිය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු සහ ඒ හා සම්බන්ධ පර්යේෂණ තොරතුරු සමඟ එහි ප්‍රතිඵල ව්‍යාපෘති වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.