ප්‍රජා මට්ටමේ වැඩමුළු
පසුගිය වසර කිහිපය තුළ හවුල්කාර සංවිධානවල සහාය ඇතිව ව්‍යාපෘති ප්‍රතිලාභීන් සඳහා වැඩමුළු මාලාවක් පවත්වන ලදී.
ප්‍රජා මූලික හවුල්කරුවන් සඳහා පුහුණු සහ උපදේශන සහාය සැසි
අභියෝගාත්මක වාතාවරණයක් තුළ සංවාද සැසි ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා පහසුකම් සැලසීමට සහාය වීම සඳහා ආසියා පදනම එහි ප්‍රජා මූලික හවුල්කරුවන් සඳහා 2019 අගෝස්තු මාසයේ පුහුණු හා උපදේශන සැසි පවත්වන ලදී. පහසුකම් සැපයීමේ කුසලතා වර්ධනය කිරීමට සහ ව්‍යාපාර හිමිකරුවන් සමඟ කටයුතු කරන විට ඇතිවිය හැකි අසීරු ගැටළු හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමට මෙම සැසි අපගේ හවුල්කරුවන්ට උපකාර විය.
ඉන් පසු, අපගේ ප්‍රජා මූලික හවුල්කරුවන් 2019 සැප්තැම්බර් මාසයේදී ව්‍යාපෘති සහභාගීවන්නන් 344 දෙනෙක් සඳහා ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගීමේ අරමුණ ඇතිව වැඩමුළු මාලාවක් පවත්වන ලද අතර ඒ තුලින් තම ප්‍රජාවන් තුළ සමාජ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඉඩ සලසන සබඳතා ගොඩනඟා ගැනීමට සහ ඒවා ශක්තිමත් ඔවුන්ට හැකි විය. පාස්කු ඉරිදා ප්‍රහාරවල බලපෑම සහ එය අන්තර් ප්‍රජා සබඳතා කෙරෙහි ඇති කරන ලද පීඩනය සැලකිල්ලට ගෙන මෙම අරමුණ විශේෂයෙන් වැදගත් විය. පාස්කු ප්‍රහාරයෙන් පසු සහභාගිවන්නන්ට අත් විඳින්න වූ තත්ත්වයන් සහ නැගෙනහිර පළාතේ ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි එහි වූ පුළුල් බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙම සාකච්ඡා ව්‍යාපෘතියට උපකාර විය.
ව්‍යාපාරික කුසලතා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා වැඩමුළු
මීට අමතරව, 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ව්‍යාපෘති බල ප්‍රදේශ නවය තුළම ප්‍රජා මූලික හවුල්කරුවන් විසින් අතිරේක වැඩමුළු පවත්වන ලදී. මෙම වැඩමුළු සඳහා දේශීය ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් 324 ක් (කාන්තාවන් 71% ක්) සහභාගී වූහ. මෙහිදි තමන්ගේ ව්‍යාපාරවල ඇති බාධක සහ ප්රතිලාභ හඳුනා ගැනීමට සහභාගිවන්නන්ට සහාය වූ අතර එම අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරය ගැන ඔවුහු ඉගෙන ගත්හ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමාජානුයෝජනය මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන විශේෂිත ප්‍රතිඵලයක් බැවින් ව්‍යාපෘතිය තුළ ව්‍යාපාරික කාන්තාවන්ගේ සහභාගිත්වය ඉහළ මට්ටමක පවති. ව්‍යාපාර කටයුතු වල නිරත වීමේ දී පුරුෂයින් හා කාන්තාවන් මුහුණ දෙන අභියෝග පැහැදිලි කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින්ගේ අදහස් සෑම සැසිවාරයකදීම හුවමාරු කර ගන්නා ලදී.
ව්‍යවසායකත්ව සංවර්ධනය හා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුව
මීට අමතරව, නිසි අයුරින් භාණ්ඩ නිෂ්පාදනය, අලෙවිකරණය සහ මූල්‍ය සැලසුම් ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. ඔවුන්ගේ ව්‍යවසායකත්ව දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් අවදානම් කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම සඳහා ද ඔවුන්ට සහාය විය. ව්‍යවසායකත්වයට සහ ව්‍යාපාර සංවර්ධනයට බලපාන විවිධ අභියෝග හඳුනා ගැනීමට, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ පවත්නා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා තමන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට මෙම වැඩමුළු තුළින් සහභාගිවන්නන්ට හැකියාව ලැබී ඇත.