ප්‍රාරම්භක අරමුදල්

හැඳින්වීම

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, තෝරාගත් ක්ෂුද්‍ර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හිමිකරුවන් (SMEs) සඳහා ප්‍රාරම්භක අරමුදල් වට දෙකක් යටතේ ලබා දීමට ආසියා පදනම කටයුතු කරයි. නිෂ්පාදන චක්‍රය සහ / හෝ අගය දාමය හරහා විවිධ ප්‍රජාවන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කරවන සහ ශක්තිමත් කරවන ව්‍යාපාරික අදහස්වලට සහාය වීමට එම අරමුදල් තුලින් අපේක්ෂා කෙරේ.