අප ගැන

About asia foundation

ව්‍යාපෘතිය පිළිබඳ දළ විශ්ලේෂණය

INSPIRED (INitiative for Sustained Peaceful Inter-ethnic Relations through Economic Development) ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාව ගොඩනැගීමේ සාර්ථක නියමු වැඩසටහන් ආයතනගත කිරීම සහ ඒවා නැවත ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිටින විවිධ ජනවාර්ගික ප්‍රජාවන්ගේ සහභාගිත්වයෙන් සහ සවිබල ගැන්වීමේ ක්‍රියාවලි තුලින් සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම. නියමු ව්‍යාපෘතිය නැගෙනහිර පළාත කෙරෙහි අවධානය යොමු කරන අතර එය ප්‍රාදේශීය හවුල්කරුවන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක වේ. සමාජ සාමය සඳහා කණ්ඩායම් ක්‍රියාකාරිත්වය (GAFSO), නැගෙනහිර ස්වයං-විශ්වාසනීය ප්‍රජා පිබිදීමේ සංවිධානය (ESCO), සර්වෝදය, ශ්‍රී ලංකා පළාත් පාලන බලධාරීන්ගේ සම්මේලනය (FSLGA) සහ ගුඩි මාර්කට් යන ප්‍රාදේශීය හවුල්කරුවන් මෙයට අයත් වේ. නැගෙනහිර පළාතේ විධිමත් හා අවිධිමත් ආර්ථික කටයුතුවල නියැලෙන සියලුම ප්‍රජාවන්ට තමන්ගේ පොදු ආර්ථික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කිරීමට සහයෝගය ලබා දෙන්නේ නම් සහ සියලුම ප්‍රතිලාභීන්ට එක සමාන අයුරින් එහි සියලු ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාව ලැබේ නම්, ප්‍රජා මට්ටමින් විවිධ ජනවර්ගික ප්‍රජාවන් අතර සම්බන්ධතා ද වර්ධනය වේ යන ප්‍රතිපත්තිය මත එය පදනම් වේ. මෙම ව්‍යාපෘතියට USAID සහයෝගිත්වය ලබා දීම තුලින් ආසියා පදනමට සහාය වේ.

දැක්ම

ප්‍රජාවන් එකිනෙකට සමීපව සම්බන්ධ කරන ව්‍යාපාරික වේදිකාවක්.

මෙහෙවර

තිරසාර ව්‍යාපාරික සබඳතා තුළින් සියලු දෙනාටම අන්තර් ප්‍රජා සම්බන්ධතා සහ ආර්ථික අවස්ථා සහතික කරමින් ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.