ගුඩ් මාර්කට් සමඟ එක්ව නැඟෙනහිර පළාතේ ව්‍යවසායකයින් අතර ධාරිතා වර්ධනය
ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි තෝරාගත් ප්‍රදේශ තුළ වෙසෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්ගේ ධාරිතාව වර්ධනය කිරීමට සහ ඔවුන් අතර ජාල ගොඩනැගීම සඳහා , ආසියා පදනම INSPIRED ව්‍යාපෘතිය හරහා 2020 සැප්තැම්බර් මස ගුඩ් මාර්කට් හා එක් විය. එම හවුල්කාරිත්වයේ අරමුණ වූයේ වඩාත් තිරසාර ක්‍රමවේදයන් ඔස්සේ ව්‍යාපාර කුසලතා සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කොට ගෙන ව්‍යාපෘති ප්‍රතිලාභීන් අතර උපදේශනය, දැනුම හුවමාරු කර ගැනීම සහ පුහුණුව තුළින් ප්‍රජාවන් අතර සංවාද හා ක්රියාකාරිත්වයන් සඳහා තවදුරටත් පහසුකම් සැලසීමයි.
ඒ නිසාම, ගුඩ් මාර්කට්, INSPIRED ව්‍යාපෘති කණ්ඩායම සමඟ එක්ව, සැපයුම් දාම කළමනාකරණය, තාක්ෂණය භාවිතා කිරීම, කතන්දර කීම, අගය එකතු කිරීම් නිර්මාණය කිරීම සහ වෙළඳ නාමකරණය වැනි තේමාවන් සඳහා උචිත විශේෂිත පුහුණුව ලබා දීම සඳහා තෝරාගත් ව්‍යාපෘති ප්‍රතිලාභීන්ගේ කුසලතා සහ දැනුවත්භාවය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගත්හ.
ගුඩ් මාර්කට් (www.goodmarket.global) යනු එහි ජාලයන් අතර සමාජ සහජීවනය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආර්ථික අංශ, ආදායම් මට්ටම්, භාෂාමය බාධකයන් සහ කලාපීය බෙදීම් යන ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන ගෝලීය සුභසාධන වේදිකාවකි. එය සමාජ ව්‍යාපාර, සහයෝගී ආයතන, වගකිවයුතු ව්‍යාපාර, ස්වේච්ඡා සංවිධාන සහ වෙනසක් ඇති කිරීමට කටයුතු කරන්නන් සමඟ එක්වන්නේ ව්‍යාපාරය වඩාත් දෘශ්‍යමාන කිරීමෙන් සහ මිනිසුන්ට සම්බන්ධ විය හැකි ආකාරයට එය වඩාත් පහසු කිරීම තුලින් සම්මත ආර්ථිකය නව වේදිකාවක් බවට පරිවර්තනය කිරීම සඳහා දිරිගැන්වීමේ අරමුණෙනි. ඔවුන්ගේ වේදිකාවේ හරය වන්නේ ආර්ථික අංශ, ආදායම් මට්ටම්, භාෂාමය බාධකයන් සහ කලාපීය බෙදීම් යන කරුණ ඔස්සේ ක්‍රියාත්මක වන සුභසාධන ක්‍රියාවලියක් සහ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් සිදුකරන නියාමන පද්ධතියකි . ගුඩි මාර්කට් 2012 දී පිහිටුවන ලද්දේ ස්වයං මූල්‍ය , ලාභ නොලබන සමාජ ව්‍යාපාරයක් ලෙසය. ඕනෑම අතිරික්තයක් ප්‍රජාව වෙනුවෙන් සේවාවන් පුළුල් කිරීම සඳහා නැවත ආයෝජනය කරනු ලැබේ