කුඩා ව්‍යාපාරික පොළවල් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත විශාල කුඹුරු යායන් , ශක්ති සම්පන්න ධීවර කර්මාන්තයක් සහ මනරම් වෙරළ තීරයකින් අනූන ය. ජනවාර්ගික හා ආගමික වශයෙන් ද එහි විවිධත්වයක් පෙන්නුම් කරන අතර දෙමළ, මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් එක්ව ජීවත් වෙති. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ දා සිට සම්පත් හා දේශපාලන බලය සඳහා වන තරඟකාරිත්වය විසින් ඇති කරවන අන්තර් ජන වාර්ගික ගැටුම් හේතු කොට ගෙන කෝලහාල ඇති වීමේ නැඹුරුතාවක් එහි පෙන්නුම් කරයි.
ආසියා පදනම USAID සමඟ එක්ව සමාජ සහජීවනය සහ ආර්ථික සමෘද්ධිමත් බව අතර ඇති අන්තර් රඳා පැවැත්ම හඳුනාගත හැකි ව්‍යාපෘතියක් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කරමින් සිටී. 2018 සිට, ආසියා පදනම එහි ප්‍රජා මූලික හවුල්කරුවන් එක්ව වාර්ගික බෙදීම් අවම කරවන ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ කටයුතු කරමින් සිටී. අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීමෙන් මෙම සබඳතා අන්තර් ජනවාර්ගික ගැටුම් හෝ ප්රචණ්ඩත්වය හේතු කොට ගෙන ඇතිවන ආතතීන් අවම කරන සාමාජීය වටිනාකම් ගොඩනගනු ඇත.
සැප්තැම්බර් මස අග දී, අපගේ ප්‍රාදේශීය හවුල්කරුවන් මෙකී සමාජ සහජීවනය නම් වූ තේමාව ප්‍රවර්ධනය කරමින් වෙළඳ ප්‍රදර්ශන මාලාවක් සංවිධානය කරන ලද්දේ ව්‍යාපෘති සහභාගිවන්නන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා සහ විවිධ ප්‍රජාවන්හි ප්‍රාදේශීය ව්‍යාපාර අතර ඇති ව්‍යාජ සම්බන්ධතා ඉස්මතු කර දැක්වීම සඳහා ය. මෙම සමාන්තර ප්‍රජා මූලාරම්භයට සහයෝගය දැක්වීම සඳහා එක්වීමට පාරිභෝගිකයින්ට ද මෙම පොළවල් අවස්ථාවක් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය සහ පළාත් පාලන රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ අතර, සියලු දෙනාටම එක්ව භුක්ති විඳිය හැකි, සමෘද්ධිමත් අනාගතයක් සඳහා සියලු ප්‍රජාවන් එකට එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාව ඔවුහු එහිදි අවධාරණය කළහ.
ලෝකයේ බොහෝ රටවල් මෙන්ම, ශ්‍රී ලංකාවද කොරෝනා වෛරස් වසංගතය නිසා ආර්ථික වශයෙන් පීඩා විඳින අතර, ආර්ථික වශයෙන් ශක්තියක් ලබා ගැනීමටත් නව ව්‍යාපාර හවුල්කාරිත්වයන් සහ අවස්ථා වර්ධනය කර ගැනීමටත් මෙම වැඩසටහන් ව්‍යාපෘති ප්‍රතිලාභීන්ට අවස්ථාවක් විය. මේ වන විටත් වැඩසටහනට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අයිතිකරුවන්ගේ ප්‍රතිපෝෂණ ඇතුළත් කරමින් ඉදිරි වර්ෂයේ දී මෙවැනිම වැඩසටහන් පැවැත්වීමටත් පළාත් පාලන ආයතන සමඟ ප්‍රාදේශීය හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ඔවුන් හා එක්ව වැඩ කිරීමටත් ආසියා පදනම සැලසුම් කරයි.